Friday, January 02, 2026
Follow Us
ජනපතිවරයා පාර්ලිමේන්තුවේ සිටින නිසා හැමෝම ලකුණු දාගන්න කතා කරනවා

ජනපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ සිටින නිසා ආණ්ඩු පක්ෂයේ අය ලකුණු දා ගැනීමට කටයුතු කරන බවත් වෙනදාට පාර්ලිමේන්තුවට නොඑන අයත් අද පැමිණ තිබෙන බවත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (11) දින පාර්ළිමේන්තුවේදී කළ සඳහනට ප්‍රතිචාර දක්වමින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිනාසෙමින් සඳහන් කර සිටියේ ජනපතිවරයා පාර්ලිමේන්තුවේ සිටින නිසා හැමෝම ලකුණු දාගන්න කතා කරන බවයි.

ජනපතිවරයා පාර්ලිමේන්තුවේ සභා ගැබේ සිටියදීම බැංකු හොරා, බැංකු මංකොල්ලකාරයා, අට පාස් හාල්පාරුවො යන වචන භාවිතා කරමින් විපක්ෂයේ චමින්ද විජේසිරි හා හේශා විතානගේ යන මහත්වරුන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් ආමන්ත්‍රණය කිරීමද විශේෂත්වයකි.

(Lanka Leads)