යළිත් මේ රටේ නිකමට හරි ද්‍රවිඩ ත්‍රස්තවාදයත් ඇති උවහොත් අත්අඩංගුවට ගත යුත්තේ තමුන්නාන්සේලාව බවත් දෙමළ දරුවන්ගේ මොල හෝදලා කරන වැඩ කටයුතු වලට වගකිව යුත්තේ තමුන්නාන්සේලා බවත් මහජන ආරක්ෂාව පිළිබද අමාත්‍ය සරත් වීරසේකර විසින් චාල්ස් නිර්මලනාදන් මන්ත්‍රීවරයා අමතා ප්‍රකාශ කරන ලදී.
දෙමළ ජාතික සන්ධානය කියන විදියට දෙමළ ජන සංහාරයක් වන්නේ කොහේ දැයි ප්‍රශ්න කළ විරසේකර මහතා දෙමළ ජනතාවගෙන් 52% ජීවත් වන්නේ උතුරු නැගෙනහිරින් පිට සිංහල ජන සමාජයත් සමඟ බවත් දෙමළ ජන සංහාරයක් සිදුවන්නේ නම් ඔවුන්ට මෙසේ සිංහල ජනයා සමග ජීවත් වීමට හැකි දැයිද වීරසේකර මහතා නිර්මලනාදන් මන්ත්‍රීවරයාගෙන් වැඩිදුරටත් ප්‍රශ්ණ කරන ලදී.
ඊට නිර්මලනාදන් මන්ත්‍රීවරයාගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොලැබීමද විශේෂත්වයකි.
(Lanka Leads)