Friday, August 22, 2025
Follow Us
ආණ්ඩුව රැකීමට පසුපෙළ මන්ත්‍රීවරු පෙරට

පොදුජන එක්සත් පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගෙන් පිරිසක් විසින් ඇතිකරගත් සංවිධානයක් මගින් ආණ්ඩුව ආරක්ෂා කර ගැනීමට සහ ජනතාවගේ සංවේදී ප්‍රශ්න සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවධානය යොමුකරවීම සඳහා කටයුතු කරගෙන යාමට නියමිත බව පැවසේ.

එම සංවිධානයේ මූලික සාකච්ඡාවක් පසුපෙළ මන්ත්‍රීවරුන් 30කට වැඩි පිරිසකගේ සහභාගිත්වයෙන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී විවේකාගාරයේ ඊයේ (10 ) දහවල් පවත්වා ඇති බව වාර්තා වේ.

එහිදී එම මන්ත්‍රීවරුන් විසින් ඇමති විමල් වීරවංශ මහතා කළැයි කියන ප්‍රකාශය සම්බන්ධයෙන්ද කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම පිළිබඳවද අදහස් දක්වා ඇති බව වාර්තාවේ.

එම මන්ත්‍රීවරුන්ගේ මූලික ක්‍රියාකාරකම් අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාත්, අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාත් වෙන වෙනම හමුවී සාකච්ඡා කිරීම සඳහා අවස්ථා ලබාගැනීමට තීරණය වී ඇති අතර එම මන්ත්‍රීවරුන් ඒ සඳහා ලිපියකටද අත්සන් තබා ඇති බව එම මන්ත්‍රීවරුන්ට සමීප ආරංචි මාර්ග දක්වා සිටී.

ඒ අනුව අගමැතිවරයාගෙන් සාකච්ඡාවක් ලබාගැනීමේ ලිපිය අගමැතිවරයාට ඊයේ (10) පස්වරුවේදීම බාරදී ඇති බවද එම මන්ත්‍රීවරුන්ට සමීප ආරංචි මාර්ග මගින් වාර්තා වේ.

(Lanka Leads)