රන්ජන් රාමනායකට ජනවාරි 12 වැනිදා ලබාදුන් නඩු තීන්දුවට අනුව ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය හිස්වී ඇති හැටියට සලකා කිසිදු පියවරක් ගැනීමෙන් වළකින ලෙස පාර්ලිමේන්තු මහලේකම්ට නියෝග කරන්නැයි ඉල්ලා ගොනු කළ ‘රිට් පෙත්සම’ අභියාචනාධිකරණය හමුවේ අද (11 වැනිදා) සලකා බැලීමට නියමිතය.
මෙම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති අර්ජුන් ඔබේසේකර සහ විනිසුරු මායාදුන්නේ කොරයා හමුවේ මුලින්ම කැඳවන ලදී.
එදින රාමනායක වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කළ ඉල්ලීමකට අනුව ඔහුගේ මන්ත්‍රී ධුරය අහිමි කරන කිසිදු පියවරක් ගැනීම විනිසුරු මඩුල්ල හෙට (12 වැනිදා) තෙක් අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළ අතර එම නියෝගය තවදුරටත් දීර්ඝ කරනවාද නැද්ද යන්න අද (11 වැනිදා) තීරණය කරනු ඇත.
නීතිඥ දිනේෂ් විතානපතිරණ මගින් ගොනු කර තිබූ පෙත්සමෙන් කියා සිටින්නේ අධිකරණයට අපහාස කිරීමට වරදකරු වීම සහ බරපතළ වැඩ සහිත වසර 04ක සිරදඬුමක් නියම වීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89(ඩී) වගන්තියට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුස්සෙකු නොවන බවයි.
පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇති නීතිපති හා පාර්ලිමේන්තුවේ මහලේකම් වෙනුවෙන් පෙනී සිටින්නේ අතිරේක සොලිසිටර් ජනරාල් දේමනි ද සිල්වා මහත්මියයි.
අධි නීතිඥ සුරෙන් ප්‍රනාන්දු, ආශා ප්‍රනාන්දු, කීර්ති තිලකරත්න, රන්ජන් රාමනායක වෙනුවෙන් පෙනී සිටී.
(Aruna)