Friday, August 22, 2025
Follow Us
පොරොන්දුව දී සති තුනයි. රංජන් වෙනුවෙන් කතානායකගේ තීරණය කෝ ? - විපක්ෂ නායක සජිත්

බන්ධනාගාරගතව සිටින රංජන් රාමනායක මහතාට පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගී වීමට අවසර ලබාදෙන ලෙස තමන් කළ ඉල්ලීම සම්බන්ධයෙන් තීන්දුව සති තුනක් තුළ ලබාදෙන බවට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සභාවට පොරොන්දු වුවත් ඒ මහතා එය පැහැර හැර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (09) පාර්ලිමේන්තුවට සිහිපත් කළේය.

බන්ධනාගාරගතව සිටින ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතාට කථානායකවරයා විසින් ලබාදී ඇති වරප්‍රසාද ඒ ආකාරයෙන්ම රංජන් රාමනායක මහතාටත් අනිවාර්යයෙන්ම හිමිවිය යුතු බව අවධාරණය කළ විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේ ප්‍රේමලාල් ජයසේකර මහතා පිළිබඳ කාරණයේදී කථානායකවරයා ඉතාම කඩිනමින් සිය තීන්දුව ලබාදුන් නමුත් විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා පිළිබඳ කාරණයේදී සති තුනක් ඉක්ම ගියත් තවමත් ක්‍රියාත්මක වී නොමැති බවයි.

ඒ අනුව අනිවාර්යයෙන්ම එම තීන්දුව අද (10) දිනයේදී ප්‍රකාශයට පත්කරන ලෙස විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේය.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සභාවට පැමිණි නොසිටි අතර නියෝජ්‍ය කථානායක අංගජන් රාමනාදන් මහතා පැවසුවේ මේ පිළිබඳ කථානායකවරයාට දැනුම් දෙන බවයි.

(LNW)