Friday, January 02, 2026
Follow Us
ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම අද රැස්වෙයි

ආණ්ඩු පක්‍ෂයේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් අද පැවැත්වෙනවා. පසුපෙළ මන්ත්‍රීවරුන් 21 දෙනෙකුගේ සහභාගීත්වයෙන් එම රැස්වීම පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතයි. ආණ්ඩුවේ වැරදී තීරණ සම්බන්ධයෙන් සාකච්ඡා කර ආණ්ඩුව තුළම එය විසදා ගැනීමටයි පසුපෙළ මන්ත්‍රීවරුන් තීරණය කර ඇත්තේ.

එමෙන්ම ආණ්ඩුව පිළිබද ජනතාව තුළ ප්‍රසාදයක් ඇති කිරීමට අවශ්‍ය පියවර ගැනීමට ද ආණ්ඩු පක්‍ෂයේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම සූදානම් වනවා. එම සාකච්ඡා සදහා මූලිකත්වය ගෙන ඇත්තේ ලලිත් එල්ලාවල, ජගත් කුමාර සහ ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බවයි දේශපාලන ආරංචි සදහන් කළේ.

(Neth)