Friday, August 22, 2025
Follow Us
ගහක් උඩ පැලකට නැගලා ප්‍රශ්න අහන්න කියනවා. මේක මොන විහිලුවක්ද?

සති අන්ත ජාතික පුවත්පතක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කර තිබුනේ රටේ ගමවල් 42,000 ක් පමණ ඇති බවත් “ගම සමග පිළිසඳරක්” වැඩ සටහන යටතේ ඒ සියල්ලටම යෑමට අවුරුදු 35 ක්වත් යන බවත්ය. ඒ අනුව “ගම සමග පිළිසඳරක්” වැඩ සටහන යනු මොන විහිළුවක් දැයි ඔහු ප්‍රශ්න කරයි.

“ගමට ගිහින් නිරීක්ෂණය කිරීමේ වැරැද්දක් නෑ. ඒත් ජනතාවගේ ප්‍රශ්න විසඳන එකම මාර්ගය මේක කියලා විශ්වාස කරනවා නම් ඒක විහිළුවක් බවද ඔහු සඳහන් කරයි.

මීට වඩා ප්‍රායෝගික මාර්ග තිබෙද්දී ජනපතිවරයා තෝරා ගෙන තිබෙන්නේ අතාර්තික සන්දර්ශනාත්මක මාර්ගයක් බව පෙන්වා දෙන අනුර කුමාර, පිට්ටනි නැති පාසල් සෙවීමට ගම් පුරා ඇවිදීමට අවශ්‍ය නැති බවත් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් හරහා ඒ තොරතුරු ගත හැකි බව ද සඳහන් කරයි.

පාසල් ළමුන් නිළ ඇඳුමෙන් ගෙන්නලා ප්‍රශ්න අහනවා, රැකියා නැති අය ගෙන්නලා ප්‍රශ්න අහනවා, ඒ අයගේ ඉංග්‍රීසි දැනුම පිරිසක් ඉස්සරහ හාස්‍යයට ලක් කරනවා, තව කෙනෙකුට ගහක් උඩ පැලකට නැගලා ප්‍රශ්න අහන්න කියනවා. මේක මොන විහිලුවක් දැයි ඔහු වැඩිදුරටත් විමසා සිටියි.”

(Lanka Leads)