Friday, August 22, 2025
Follow Us
සුමන්තිරන් තනි වෙයි

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා හට ලබාදී තිබූ පොලිස් විශේෂ කාර්ය බළකා ආරක්ෂාව හදිසියේම ඉවත් කර ඇත.

මේ සම්බන්ධයෙන් අප මන්ත්‍රීවරයාගෙන් කළ විමසීමකදි ඔහු කියා සිටියේ කිසිදු පෙර දැනුම්දීමකින් තොරව තමන්ට ලබාදී තිබූ පොලිස් විශේෂ කාර්ය බළකා ආරක්ෂාව ඉවත් කර ඇති බවයි.

කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සදහා ලබාදෙන පොලිස් ආරක්ෂාව ඒ ආකාරයෙන්ම තවදුරටත් සුමන්තිරන් මහතාට ලබාදී තිබේ.

මීට ඉහතදී පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් මහතාට මරණ තර්ජන ඇති බවට හෙළිවීමත් සමග ඔහුට පොලිස් විශේෂ කාර්ය බළකා ආරක්ෂාව ලබා දී තිබුණි.

(Aruna)
Title has editted by Agamya