Friday, January 02, 2026
Follow Us
දෙමළ ජාතික සන්ධානයේ රථ පෙළපාලියට දමිළ ජනතාවගේ විරෝධය

කොවිඩ් ව්‍යසනය අතරේ දෙමළ ජාතික සන්ධානය විසින් පොතුවිල් සිට යාපනය දක්වා ගමන්ගන්නා රථ පෙළපාලියට සහ විරෝධතා ව්‍යාපාරයට දමිළ ජනතාව විසින්ම විරෝධය පලකර තිබේ.

මේ අනුව දෙමළ ජාතික සන්ධානයට සහ එම රථ පෙළපාලියට විරෝධය දැක්වීමක් ඊයේ (06) දින මන්නාරම මුරුක්කන් ප්‍රදේශයේදී සිදුකර ඇත.

එසේම වවුනියාව ප්‍රදේශයේ දෙමළ ජනතාවද මන්නාරම මුරුක්කන් ප්‍රදේශයේ විරෝධතාවට සහයෝගය දක්වා තවත් විරෝධතාවක් වවුනියාව ප්‍රදේශයේදී ද පවත්වා තිබේ.

(Aruna)