පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීමේදී වාසුදේව නානයක්කාර හා රෝහිත අබේගුණවර්ධන අමාත්‍යවරුන් අතර කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ප්‍රශ්ණය මුල් කොටගෙන මත හුවමාරු වීමක් සිදුව තිබෙන අතර එහිදී දෙදෙනාම තම තමන්ගේ මතවල දැඩිව සිට අදහස් පළ කර තිබේ.
තමා වරාය කැබිනට් මණ්ඩල ඇමතිවරයා ලෙස උරුමය වෙනුවෙන් මෙන්ම කරුමය වෙනුවෙන් ද ආණ්ඩුව රැක ගැනීම වස් පෙනී සිටින බවත් එක වෙලාවකට උරුමය වෙනුවෙන් කතා කරන්නයි තව වෙලාවකට කරුමය උරුමය කරගන්නයි හදන සංවිධාන නැගෙනහිර ජැටිය විරෝධය පිටුපස සිටින බවත් වරාය අමාත්‍යවරයා නම් ගම් නොකියා චෝදනා කර තිබේ.
එම ප්‍රකාශයකට පිළිතුරු දෙමින් “තමා කිසි විටෙකත් කරුම රැකීමට සූදානම් නැති බව” වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා ප්‍රකාශ කොට තිබේ.
(Lanka Leads)