රංජන් රාමනායක මහතාගේ අයිතිවාසිකම් මෙන්ම, එතුමාට සාධාරණත්වය ඉටු කිරීම වෙනුවෙන් තමන් ඇතුලු සමගි ජන බලවේගයේ සියලු දෙනා පෙනී සිටින බවත් ජනාධිපති නීතිඥවරු ප්‍රමුඛ ප්‍රවීණ නීතී මණ්ඩලයක් එතුමා වෙනුවෙන් ක්‍රියාත්මක වෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු අසුන අහිමි කිරීම වැලැක්වීම සදහා ගොනුකළ පෙත්සම 11 වැනිදා යලි විභාගයට ගැනීමට නියමිත බවත් එතෙක් ඔහුගේ මන්ත්‍රී තනතුර සුරක්ෂිත බවත් විපක්ෂ නායකයා පවසයි.
(Lanka Leads)