Friday, January 02, 2026
Follow Us
ආණ්ඩුව ජනතාව ගොනාට ඇන්දුවා - සරත් ෆොන්සේකා

ආණ්ඩුව දිගින් දිගටම ජනතාව ගොනාට ඇන්දු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසුවේය.

ෆොන්සේකා මහතා මේ බව පැවසුවේ ඊයේ (02) මීරීගම ප්‍රදෙසහ්යේ පැවති ජන හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ආණ්ඩුව පොරොන්දු වූ කිසිදෙයක් නොකරන අතර ජාතිවාදය අවුස්සා ජනතාව රැවටීම කළ බවයි ඔහු කියා සිටියේ.

''පාස්කු ප්‍රහාරකයින් දවස් දෙකෙන් අල්ලනවා කිව්වා. බැඳුම්කර හොරු සුමාන දෙකෙන් අල්ලනවා කිව්වා. දැන් ඒ ඔක්කොමත් එක්ක ඩීල් දාගෙන ඉන්නවා. පාස්කු ප්‍රහාරය ගැන තිබුණු කොමිසමත් අකුළ ගත්තා. අවශ්‍ය සාක්ෂිකාරයෝ එළියට එද්දී කොමිසම අකුලාගෙන එළියට ගියා. ඒ නිසා අපට සැකයක් තිබෙනවා පාස්කු ප්‍රහාරය පිටිපස්සේ ඇත්තටම කවුද හිටියේ කියල.මොකද ඒකෙන් වාසි ලබා ගත්ත පිරිසක් හිටියා. අපිට වාසියක් වුණේ නැහැ.''

ආණ්ඩුව මෝඩකතා කිය කියා සුඛ විහරණයෙන් යුතුව කාලය ගත කරමින් සිටින බවයි සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කළේ.

(LNW)