විපක්ෂයේ දේශපාලන පක්ෂ හා දේශපාලන නායකයන් මර්දනය කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වීමේ අවදානමක් මතුව ඇති බවත්, දේශපාලන පළිගැනීම් විමර්ශනය සඳහා පත්කළ ජනාධිපති කොමිසමේ නිර්දේශ හරහා එවැනි වැඩපිළිවෙලක් දියත් වනු ඇති බවට විශ්වාස කළ හැකි බවත් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති, හිටපු කතානායක කරු ජයසූරිය මහතා පවසනවා.
වියත්මග, එළිය වැනි සංවිධාන හරහා ප්‍රජාතන්ත්‍රවාදය, මහත්මා දේශපාලනය ගැන දේශන පවත්වමින් බලයට පත් පුද්ගලයන්ගේ සැබෑ තත්වය හෙලිදරව් වෙමින් පවතින බවයි කරු ජයසූරිය මහතා අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ.
ඕනෑම රටක අතීතය දෙස බැලීමේදී බොහෝ වැරදීම් සිදුවී තිබිය හැකි බවත් එහෙත් රටක අනාගතය යහපත් වීමට නම්, එම වැරදි තුළින් පාඩම් ඉගෙනගෙන එකී වැරදි නැවත සිදු නොවීමට කටයුතු කිරීම අත්‍යවශ්‍ය වන බවත් ජයසූරිය මහතා අවධාරණය කරනවා.
අප රටක් ලෙස අතීතයේදී සිදුකළ යම් වැරැද්දක් ඒ බව දැන දැනම එහි ප්‍රතිවිපාක මනා සේ ඇස් පනාපිටම සිදුවනු දැක තිබියදීත්, එය නැවත කරන්නට යමෙක් සූදානම් වන්නේ නම්, එතරම් අභාග්‍යයක් තවත් නොමැති බවයි ඔහු පෙන්වා දෙන්නේ. එසේ වන්නේ නම්, එය දැන දැනම චේතනාන්විතවම ජාතියට කරන බලවත් අපරාධයක් ලෙස හැඳින්විය හැකි බවද ඔහු පවසනවා.
1978 වර්ෂයේදී විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් පත්කර සිරිමාවෝ බන්ඩාරණායක මහත්මියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට 5/6 බලයක් තිබූ ජේ.ආර්. ජයවර්ධන රජය සූදානම් වූ අවස්ථාවේදී එදා එම ක්‍රියාදාමය පාර්ලිමේන්තුව අනුමත කලත් සමාජයේ බොහෝ කොටසක් එය අනුමත නොකළ බව අප නැවතත් සිහිපත් කරගත යුතු බව කරු ජයසූරිය මහතා පවසනවා. යළිත් එවැන්නක් සිදු කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරන්නේ නම් ආණ්ඩුව පිහිටුවීම සඳහා ඡන්දය ලබාදුන් 69 ලක්ෂයක් ඡන්දදායකයන්ගෙන් බහුතයක්ද එය අනුමත නොකරනු ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
(LNW)