Tuesday, February 17, 2026
Follow Us
වාසුදේව නානායක්කාරට, විමල් වීරවංශට සහ උදය ගම්මන්පිලට කැබිනෙට්ටුවේදී දැඩි දෝෂාරෝපන

ඊයේ පස්වරුවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති කැබිනට් මණ්ඩල හමුව දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ගෙන ඇති බව වාර්තා වේ.

වරාය ගැටළුව සම්බන්ධයෙන් එහිදී සාකච්ඡාවට ගැනීම අතරතුර මෙම තත්වය ඇති වූ බව වාර්තා වෙයි.

වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන ඇමතිවරුන්ට කැබිනට් ඇමතිවරු සිව්දෙනෙකු විසින් වරාය නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් ප‍්‍රසිද්ධියේ අදහස් පල කලේ යයි පවසමින් දැඩිව දෝෂාරෝපණය කර ඇති බව වාර්තාවේ.

(Lanka Leads)