Friday, August 22, 2025
Follow Us
තම දඬුවම පිළිබඳ යළි සලකා බලන්නැයි ඉල්ලමින් රංජන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක්

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් තමන්ට නියම කර ඇති වසරක හතරක සිර දඬුවම පිළිබඳ යළි සලකා බලන ලෙස ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කිරීම සඳහා අවසර ලබාදෙන්නැයි ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ඉදිරිපත් කර තිබේ.

මේ වනවිට අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයෙහි සිටින රාමනායක මහතා නීතීඥ දිනේෂ් විදාරණපතිරණ මහතා හරහා මෙම මෝසම ඉදිරිපත් කර ඇති අතර ඒත් සමග දිවුරුම් පෙත්සම් සහ අනෙකුත් ලේඛන ද ඉදිරිපත් කර ඇති බව සඳහන්.

(LNW)