Friday, August 22, 2025
Follow Us
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පූර්ණ ප්‍රතිසංවිධානයකට පත් කරනවා – හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

පසුගිය මහමැතිවරණය සහ ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙරට තීරණාත්මක දේශපාලන බලවේගය බවට රටේ ජනතාව පත් කළ බව පෙන්වා දෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි මැතිවරණ ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පූර්ණ ප්‍රතිසංවිධානයකට පත් කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉතා කඩිනමින් දිස්ත්‍රික්ක සහ ප්‍රාදේශීය වශයෙන් ද ගොඩනැංවීමට කටයුතු කරන බව ඔහු පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉතිහාසයේ සිටම ජාතික සම්පත් සහ මහජන දේපොළ ආරක්ෂා කර, වැඩි දියුණු කර රටට රැකදුන් බව පෙන්වා දෙන මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියටත් එම ප්‍රතිපත්තිය මත සිට නිදහස් පක්ෂය මෙහෙයවන බව වැඩිදුරටත් පවසයි.

(Lanka Leads)