Thursday, August 21, 2025
Follow Us
රන්ජන්ගේ මන්ත්‍රීධූරය පිළිබඳ කතානායකවරයාගේ අවසන් තීරණය ලබන 9 වනදා

රන්ජන් රාමනායක මහතාට තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරිය හැකිද යන්න පිළිබඳව පවත්නා නීතිමය තත්ත්වය ගැන කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පසුගියදා නීතිපති දප්පුල ද ලිවේරා සහ අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි යන මහත්වරුන් කැඳවා නීති උපදෙස් ලබා ගෙන තිබෙන අතර මෙම උපදෙස්වලට අමතරව ව්‍යවස්ථා නීතිය පිළිබඳ විශාරදයන් වන තවත් ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥවරුන් දෙදෙනකුගෙන්ද කතානායකවරයා මේ ගැන නීති උපදෙස් ලබා ගැනීමට නියමිත බව වාර්තාවේ.

එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ මේ සියලු උපදෙස් සලකා බලා අධිකරණයට අපහාස කිරීම නිසා දැනට බන්ධනාගාරගතව සිර දඬුවම් විඳින රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා පිළිබඳ කතානායකවරයාගේ අවසන් තීරණය ලබන 9 වනදා ප්‍රකාශයට පත්කෙරෙනු ඇති බවයි.

(Lanka Leads)