Thursday, August 21, 2025
Follow Us
මගේ දියණියගේ පත්වීම යහපාළන ආණ්ඩු සමයේ ඇයගේ සුදුසුකම් මත ලබාදුන් එකක් – තිස්ස අත්තනායක

මේ වන විට සමාජ ජාලා මාධ්‍ය හරහා විවේචන එල්ල වෙමින් තිබෙන; තිස්ස අත්තනායක මහතාගේ දියණිය වන දුල්මිණි ඉන්ද්‍රචාපා අත්තනායක මහත්මියට ලබන පෙබරවාරි 1වැනිදා සිට බල පැවැත්වෙන පරිදි ඕස්ට්‍රේලියාවේ කැන්බරා හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තුන්වෙනි ලේකම් ධූරය සඳහා පත්වීමක් විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ලබාදී තිබීම සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කරමින් සමගි ජන බලවේගය ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා සඳහන් කරන්නේ, තමාගේ දියණියට ලබාදී තිබෙන තානාපති පත්වීම යහපාළන රජය සමයේ ඇයගේ සුදුසුකම් මත 2019 අප්‍රේල් 01 දින කැබිනට් අනුමැතියෙන් ලබා දුන් බවයි.

තවදුරටත් කරුණු පැහැදිළි කරමින් අත්තනායක මහතා සඳහන් කරන්නේ; ව්‍යාපාර පරිපාළනය පිළිබඳ පශ්චාත් උපාධියක් මෙන්ම ජාත්‍යන්තර සබඳතා පිළිබඳව හදාරා සුදුසුකම් ලබා තිබෙන සිය දියණියට යහපාළන ආණ්ඩු සමයේ ලබාදුන් එම පත්වීම ජනාධිපතිවරණ නීති රීති මත කල් ගිය බවත්, එම නිසා මෙම පත්වීම මේ ආණ්ඩුව ලබා දුන් නව පත් වීමක් නොවන බවත් පෙන්වා දෙන අත්තනායක මහතා තමාට මඩ ගැසීම සඳහා මෙවන් ප්‍රචාර ගෙන යන බවද පෙන්වා දෙයි.

සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා ද සිය දියණියගේ නව පත්වීමට සුභ පැතු බවද අත්තනායක මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

ඒ පිළිබඳව 2019 ජුලි මස 28 දින සමාජ මාධ්‍ය ජාලයක පළ වූ වාර්තාවක් පහත ලින්ක් එකෙන්
https://www.gossiplankanews.com/2019/07/dulmini-attanayake-foreign-service.html

(Lanka Leads)