Thursday, August 21, 2025
Follow Us
පෙබරවාරි 04 නිදහස් දිනයට සජිත්ගේ තුරුම්පුව

සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායකවරයා ලෙස නිදහස් දින උත්සවයට සහභාගී විය යුතුද නැද්ද යන්න පිළිබඳ සමගි ජන බලවේගය කෘත්‍යාධිකාරි මණ්ඩලය තුළ මත දෙකක් ඉදිරිපත් වී තිබේ.

දොස්තර රාජිත සේනාරත්න හා සුජිත් සංජය පෙරේරා යන මන්ත්‍රීවරුන්ගේ යෝජනාව වී තිබෙන්නේ තිබෙන්නේ රංජන් රාමනායක මන්ත්‍රීවරයාව සිරගත කිරීම මෙන්ම නැගෙනහිර ජැටිය විකිණීම, මර්ධනය ආදියට විරෝධය දැක්වීම වස් නිදහස් දින උත්සවය වර්ජනය කළ යුතු බවටය.

එහෙත් ඉමිටියාස් බාකීර් මාකර් මහතා ඊට ප්‍රතිවිරුද්ධ මතයක් දරමින් නිදහස් දිනය දිනා දුන්නේ එක්සත් ජාතික පක්ෂය බැවින් මෙන්ම සැබෑ නිදහස් දිනය ශ්‍රී ලංකාව ජනරජයක් වූ දිනය බවට කරන මතය පරාජය කිරීම් වස් සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායකයා ලෙස නිදහස් දින උත්සවයට සහභාගී විය යුතු බව ප්‍රකාශ කොට තිබේ.

එහෙත් ඊට පෙර රජයේ මර්ධනකාරී වැඩ පිළිවෙළ පිළිබඳව මෙන්ම මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් කර සජිත් ප්‍රේමදාස මහතා නිදහස් දින උත්සවයට සහභාගි වීම වඩාත් උපක්‍රමශීලී ක්‍රමය බව ද ඉමිතියාස් බාකීර් මාකර් මහතා පෙන්වා දී තිබේ.

එම යෝජනාවට කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සියල්ලන්ම සහාය පළ කර ඇත.

(Lanka Leads)