Saturday, April 27, 2024
Follow Us
එජාපය දුන් තනතුර අර්ජුනට එපාලු

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති ධුරය ප්‍රතික්ෂේප ප්‍රතික්ෂේප කරන බව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත දන්වා තිබේ.

රටේ යහපත් ඉදිරි ගමනක් සඳහා සුදුසු වැඩපිළිවෙලක් සකස් කිරීමට පක්ෂය තවමත් අපොහොසත් වී ඇති බව පෙනෙන බැවින් තමන් මෙම තනතුර ප්‍රතික්ෂේප කිරීමට අදහස් කරන බව (27) රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කරමින් අර්ජුන රණතුංග මහතා සඳහන් කරයි.

2020 මැතිවරණයේ දී අන්ත පරාජයක් ලැබීමෙන් පසුව ද තමන් පක්ෂය සමග රැඳුනේ වත්මන් සහ අනාගත අභියෝග ජය ගැනීමට සුදුසු වැඩපිළිවෙලක් සංවිධානය කෙරෙනු ඇත යන අපේක්ෂාවෙන් බවත් අද වන තුරුත් එවැනි සාධනීය වැඩපිළිවෙලක් හෝ සංවිධානයක් ඇති බවක් පෙනෙන්නට නැති බවත් අර්ජුන රණතුංග මහතා සිය ලිපිය මගින් පෙන්වා දී තිබේ.

(Aruna)