Tuesday, October 22, 2024
Follow Us
එජාපයෙන් අලුත් සන්ධානයක්

ඉදිරි ජනාධිපතිවරණය ඇතුළු මැතිවරණ ඉලක්ක කර ගනිමින් නව සන්ධානයක් බිහි කිරීමට එක්සත් ජාතික පක්ෂය සූදානම් වනවා. අගෝස්තු 05 වැනිදා ඊට අදාල ගිවිසුම් අත්සන් කිරීමට නියමිත අතර ඒ සඳහා හවුල්කාර පක්ෂ රැසක් සමග එකඟතාවයකය පැමිණ ඇති බවයි එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් ඇමතිවරයා පවසන්නේ.

ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයට අලුතින් පිහිටුවන සන්ධානයෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට නියමිත අතර එම අපේක්ෂකයා එක්සත් ජාතික පාක්ෂිකයෙකු වන බව ද කාරියවසම් මහතා පවසයි.

මේ වනවිට එජාපයේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් නම් කිහිපයක් සඳහන් වන අතර ඊට අමතරව එජාපයට පිටස්තර අපේක්ෂකයන් කිහිප දෙනෙකු සම්බන්ධයෙන්ද කතාබහක් පවතිනවා.

(LNW)