Friday, January 02, 2026
Follow Us
නැගෙනහිර පර්යන්තය විකිණීම සඳහා පසුගිය යහපාලන රජය ගිවිසුම් ගත වූයේ නැහැ – හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ

තම නිවසේ දී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර සිටියේ කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය විකිණීම සඳහා පසුගිය යහපාලන රජය ගිවිසුම් ගත වූයේ නැති බවයි.

එහිදී ජපානය සමග ගිවිසුම්ගත වූයේ වසර හතළිහක් තිස්සේ ගෙවන ණය මුදළක් 0.1% ණය පොලියකට සීමා කර ගනිමින් ලබාගැනීම සඳහා බවත් එම ණය මුදළ මුල් වසර 12 යන තෙක් ණය වාරික ගෙවිය යුතු නැති බවට එකඟත්වයක් ඇතිකරගනිමින් බවත් ඔහු පැවසීය.

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ක්‍රියාපටිපාටියෙන් ජපන් රජය ඉවත් කර වත්මන් පාළනය සියල්ල අවුල් කර ගත්තාට දැන් කරන්නට දෙයක් නැතැයි ද හෙතෙම තවදුරටත් පවසා සිටියේය.

(Lanka Leads)