Friday, January 02, 2026
Follow Us
දේශීය දෙයක් හඳුන්වා දී ඉන් හානියක් නොවේ නම් විපක්ෂයේ සිටින සිංහ හම් පොරවාගත් හිවලුන් කෑ ගැහුවාට වැඩක් නැහැ – රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත

කොවිඩ් – 19 සඳහා නිෂ්පාදනය කර ඇති දේශීය ඖෂධයක් පාවිච්චි කර තමන් මිය ගියත් පවුලේ අය දුක් වෙන්නේ නැතැයි ද තමන් ආසාදිත වීම ගැන පවුලේ අයෙකුට හෝ නැති දුකක් අනුර කුමාර දිසානායක මහතාට ඇතිවීම මවිතයට කරුණක් බවද කොවිඩ් – 19 ආසාදනය වීමෙන් පසු කොග්ගල ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිට රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා සඳහන් කරයි.

දේශීය දෙයක් හඳුන්වා දී ඉන් හානියක් නොවේ නම් විපක්ෂයේ සිටින සිංහ හම් පොරවාගත් හිවලුන් කෑ ගැහුවාට වැඩක් නැතැයි ද ඔහු තව දුරටත් පැවසුවේය.

(Lanka Leads)