Thursday, August 21, 2025
Follow Us
රවි කරුණානායකට සමගි ජන බලවේගයෙත් ඉඩක් නැහැ

දිගින් දිගටම එක්සත් ජාතික පක්ෂයේ කටයුතුවලට සම්බන්ධ වීම ද මගහරිමින් සිටින පක්ෂයේ මහ ලේකම් තනතුර මුල්කොටගෙන පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමග ද මතවාදී අරගලයක නියැළී සිටින යහපාලන ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු ද වූ රවි කරුණානායක මහතාව සමගි ජන බලවේගයට සම්බන්ධ කර ගැනීමට හෝ ඔහු සම්බන්ධ දේශපාලන හෝ සමාජ ව්‍යාපාරයක් සමඟ සම්බන්ධ වීම සමගි ජන බලවේගය ප්‍රධානීන් ප්‍රතික්ෂේප කොට තිබේ.

කරු ජයසූරිය මහතාගේ නායකත්වයෙන් යුත් “සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය”ට එකතු වීමට කරුණානායක මහතා තුළ බලාපොරොත්තුවත් තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙන මුත් එම ව්‍යාපාරය ද සජිත් ප්‍රේමදාස මහතා සමග සම්බන්ධ වී වැඩකටයුතු කිරීමට දැනටමත් තීරණය කොට ඇති තත්ත්වය තුළ කරුණානායක මහතා එම ව්‍යාපාරයට සම්බන්ධ වුවහොත් ඊට සමගි ජන බලවේගය සම්බන්ධ වීම පිළිබඳව ද ගැටලුකාරී තත්ත්වයක් මතුවන බව සමගි ජන බලවේගය ජේෂ්ඨයන්ගේ මතය වේ.

(Lanka Leads)