Saturday, April 20, 2024
Follow Us
කොවිඩ් පාලනය කරන්න ආණ්ඩුවට සැලැස්මක් නැහැ-එජාප නායක රනිල් වික්‍රමසිංහ

එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොත දි පැවති පක්ෂයේ නව තනතුරු සඳහා පත්කළ පිරිස වැඩ භාර ගැනීමේ උත්සවය අමතමින් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ කොවිඩ් -19 ව්‍යාප්තිය පාලනය කිරීමට ආණ්ඩුවට සැලැස්මක් නැති බවයි.

එහෙත් උප සභාපති ධුරවලට පත්කළ සාගල රත්නායක, දයා ගමගේ, රවී කරුණානායක හා අර්ජුන රණතුංග යන මහත්වරුන් අද එම උත්සවයට පැමිණ නොසිටීම විශේෂත්වයකි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා,

“මේ රටේ පාර්ලිමේන්තුවෙන් පිටත හඬක් ඕනේ. ඒ හඬ ඇතිකරන එකේ වගකීම තමයි මේ නිලධාරි මණ්ඩලය භාරගෙන තිබෙන්නේ. ඒ සඳහා අපේ මූලික ප්‍රතිපත්ති පදනම් කරගෙන අලුත් දැක්මක් අලුත් ප්‍රතිපත්ති, සකස් කරන්න තිබෙනවා. එයත් මෙ අලුත් මුහුණුවලට ඉශ්ඨ කරන්නට තිබෙන වගකීමක්. මේ ජනතාවට ලෙඩ හැදෙනවානම්, කොවිඩ් වසංගතයෙන් අපි නැතිවෙනවා නම් පක්ෂ බේදයෙන් තොරව ඒ අය ආරක්ෂා කරන එක අපේ යුතුකමක්. කොවිඩ්-19 පාලනය කිරීම පිළිබඳව තවම සැලැස්මක් ඉදිරිපත් කරලා නැහැ . හෙට එන්නත් කරනවා, අනිද්දා එන්නත් කරනවා කියා ජනතාව මුලාකරන්න එපා. ආණ්ඩුවේ යුතුකමක් තියෙනවා කවුරුන් එක්කද කථා කළේ ? මොකක්ද අත්සන් කළේ ? මොකක්ද ලැබෙන්නේ ? කියන ප්‍රධාන ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න. සමහර විට මම මේවා ඇසුවා කියලා මට මාධ්‍යයෙන් බනී. ඒකට කමක් නැහැ. කොහොමත් මට හැමදාම බනිනවා නේ. බනින්නේ නැති දවසක් නැහැ. එහෙත් රට වෙනුවෙන් අපිට මේ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න.“

(LAnka Leads)