Thursday, August 21, 2025
Follow Us
කොරෝනා පාලනය සෞඛ්‍යය බලධාරින්ගෙන් ගිලිහිලා

“ටෘත් විත් චමුදිත” අන්ත්‍රජාල නාලිකාව සමඟ සම්ම්මුඛ සාකච්ඡාවකට ශභාගි වෙමින් රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා පවසා සිටින්නේ අද වන විට මෙරට තුල කොරෝනා පාලනය ගිලිහී අවසන් බවයි.

එහිදී ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කොරෝනා පාලනය යනු දැන් අතිශය අභියෝගාත්මක තත්ත්වයක් බවත් රජයට මෙය පාලනය කර ගැනීමට අපහසු බවත් තමන් ඉල්ලා සිටින්නේ කොරෝනා ආසාදිතයන් නිවෙස්වලම නිරෝධායනයට ඉඩ සැලැස්වීම බවත්ය.

දයාසිරි ජයසේකර අමාත්‍යවරයා කොරෝනා ආසාදිත වි ඉන් සුවවීමෙන් පසු මුල් වරට මාධ්‍යට ලබාදුන් සම්මුඛ සාකච්ඡාව මෙම සාකච්ඡාවයි.

(Lanka Leads)