ද්‍රවිඩ සන්ධානය ප‍්‍රමුඛ සංවිධාන 11 ක් සහ ති‍්‍රකුණාමල රදගුරු නොයෙල් එමානුවෙල් පියතුමා විසින් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් 17 කට යවා ඇති රහස් සංදේශයක අඩංගු තොරතුරු ශී‍්‍ර ලංකා රජයට හෙළි වී තිබෙන බව වාර්තාවේ.
ආර්. සම්බන්ධන්, ගජන් පොන්නම්බලම්, සී. විග්නේෂ්වරන් ඇතුළු 11 ක කණ්ඩායමක් අත්සන් කර ඇති එම රහස් සංදේශය මගින් මෙරට හමුදා නිළධාරීන් 59 ක් සමූල ඝාතන සිදුකර ඇති බව දක්වමින් ඔවුන් ජාත්‍යන්තර අධිකරණයට යොමු කිරීමේ පියවර ගන්නා ලෙසත් එමගින් ශී‍්‍ර ලංකාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට යොමු කරන ලෙසත් ඉල්ලීමක් කර ඇති බව වාර්තාවේ.
.
මේ අතර මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලට් විසින් ශී‍්‍ර ලංකාව ගැන කටයුතු කිරීම ආරක්ෂක මණ්ඩලයට යොමු කළහොත් රුසියාව සහ චීනය ඊට එරෙහිව නිෂේධ බලය භාවිතා කරන බව ශී‍්‍ර ලංකාවට දන්වා ඇත.
(Lanka Leads)