2019 වර්ෂය අවසන් වනවිට ට්‍රිලියන 13ක් වූ අපගේ මුලු ණය ප්‍රමාණය 2020 දී ලබාගත් ට්‍රිලියන 2න් නොනැවතී 2021 වසර සඳහා තවත් ට්‍රිලියන 3ක් ලබාගැනීමට රජය අපේක්ෂා කරන බව පාර්ළිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ප්‍රකාශ කරයි.
මේ යන ආකාරයට 2024 අවසන් වනවිට රටට කුමක් වේදැයි කිව නොහැකි බව පවසන ඔහු ලබාගත් මෙම ණය කන්දරාවට සිදු වූයේ කුමක්දැයි ප්‍රශ්ණ කර සිටී.
රාජපක්ෂ නව පාළනය යටතේ ද රාජ්‍ය ආයතන 52ක් අතුරින් දිගටම පාඩු ලබන රාජ්‍ය ආයතන 31ක් ඇති බවත් ඒවා නිසි කළමනාකරණයකට යටත් කොට රාජ්‍ය ආයතන රැක ගන්නවා යයි ජනතාවගෙන් බළය ලබාගත් රාජපක්ෂවරුන් දැන් ලාභ ලබමින් තිබෙන කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ද විකුණා දැමීමට සූදානම් වන බවත් නමුත් මැතිවරණයට පෙර 69 ලක්ෂයක් වූ ජනතාව ගොනාට ඇන්දවූයේ දක්ෂ රාජ්‍ය පාළනයක්, රාජ්‍ය කළමණාකරනයක් තුලින් ඉන්දියාවේ වරායන් පවා මිළදී ගැනීමට තරම් රට ශක්තිමත් කරන බවක් හඟවමින් බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.
අන් සියල්ලටම වඩා රාජපක්ෂවරුන් දැන් දැඩි උනන්දුවකින් නැගෙනහිර ජැටිය අදානි සමාගමට විකුණා දැමීමට කටයුතු කරමින් සිටින බවත් ඔහු අවධාරණය කර සිටී.
(Lanka Leads)