කලාපීය සහයෝගිතා කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ස්වයං නිරෝධායනයට යොමුව තිබේ.
ඒ, රාජ්‍ය අමාත්‍යවරයාගේ කාර්ය මණ්ඩලයේ අයෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීම හේතුවෙනි.
මේ සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබා ඇත.
එම සටහන පහතින්…..
නිවේදනයයි!
මාගේ කාර්‍ය මණ්ඩලයේ එක් අයෙකුට කෝවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු විය.
ඉන් අනතුරුව මා හා මාගේ ආශ්‍රිතයින් පරීක්ෂණ වෙත භාජනය වූ අතර, එම පරීක්ෂණ සියල්ල සනාථ කළේ මා ඇතුළු අප සියල්ලන්ට කෝවිඩ් ආසාදනය වී නොමැති බවයි.
එනමුත් සෞඛ්‍ය උපදෙස් පරිදි මා ස්වයං නිරෝධායනයට යොමුවන අතර ඉදිරි දින දාහතර මාගේ නිවස තුළ ගත කරමි.
(Aruna)