Thursday, August 21, 2025
Follow Us
ආණ්ඩුවේ හිතවතෙකුට දුම් වැටි තොග රැස් කිරීමට රුපියල් බිලියන තුනක ණයක් දීලා

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ලංකා බැංකුව විසින් රුපියල් බිලියන තුනක ඉක්මවූ ණය මුදලක් ආණ්ඩුවේ ප‍්‍රබල හිතවත් ව්‍යාපාරිකයෙකුගේ සමාගමකට ලබාදී ඇතැයි පවසා සිටියේය.

එහිදි අනුර කුමාර දිසානායක මහතා මෙම සමාගමට එතරම් මුදල් ප‍්‍රමාණයක් ලබා දීමට හේතුව ලෙස අයවැයෙන් දුම්වැටි මිල ඉහල යාමට නියමිත නිසා දුම්වැටි තොග රැස් කිරීම සඳහා යයි දන්වා ඇතැයිද මන්ත‍්‍රීවරයා පවසා සිටියේය.

එහිදී ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ මෙම ණය මුදල අනුමත කර ඇතත් ලංකා බැංකුවේ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ එක් අධක්‍ෂවරයෙක් පමණක් ඊට විරෝධය පල කර ඇති බවයි.

ආණ්ඩුවේ හිතවතෙකුට තවත් බදු සහනයක්

(Lanka Leads)