Saturday, April 20, 2024
Follow Us
දෙමළ පක්ෂ, සංවිධාන 11ක් ශ්‍රී ලංකාවේ යුධ අපරාධ පිළිබඳ ස්වාධීන විමර්ශන යාන්ත්‍රණයක් ඉල්ලයි

වගවීම සහ සංහිඳියාව වෙනුවෙන් ස්වයංව අර්ථාන්විත පියවර කිසිවක් ගැනීමට ශ්‍රී ලංකා රජය පසුගිය වසර 11ක් තිස්සේම අපොහොසත්ව ඇති හෙයින් පසුගිය යුධ සමයේදීත් ඉන් පසුවත් මෙරට සිදුවූ යුධ අපරාධ, මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ස්වාධීන යාන්ත්‍රණයක් පිහිටුවන්නැයි දෙමළ දේශපාලන පක්ෂ සහ සංවිධාන 11ක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලීමක් කර තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සිරියාව සඳහා පිහිටවූ ආකාරයේ ස්වාධීන විමර්ශන යාන්ත්‍රණයක් නිශ්චිත කාල රාමුවක් ද සහිතව ශ්‍රී ලංකාව වෙනුවෙන් පිහිටුවන ලෙසයි ඔවුන් ලිපියක් මගින් ඉල්ලා ඇත්තේ.

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්, ජී.ජී. පොන්නම්බලම්, සී.වී. විග්නේෂ්වරන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් උතුරු නැගෙනහිර බලහත්කාරයෙන් අතුරුදන් කරවූවන්ගේ ඥාතීන්ගේ සංගමයේ සභාපතිවරයා, ත්‍රිකුණාමලය රදගුරු නොයෙල් එම්මානුවෙල් පියතුමා ඇතුළු පිරිසක් මෙම ලිපියට අත්සන් තබා ඇත.

(LNW)