Wednesday, April 24, 2024
Follow Us
රන්ජන්ට යළි පාර්ලිමේන්තුවට පැමිණීමට අවස්ථාවක්

සිරදඩුවම් විදින පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකුට යලි පාර්ලිමේන්තු පැමිණීමට එක් අවස්ථාවක් පවතින බව නීතිවේදීන් පවසනවා. සිර දඬුවම් විඳින පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකුගේ වරප‍්‍රසාද පිළිබඳ යළිත් කථාබහක් මතුවූයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක සිරගත කිරීමත් සමගයි.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර නලින් බණ්ඩාර ප‍්‍රකාශ කළේ අධිකරණයට අපහාස කිරීම හේතුවෙන් සිර දඩුවම් විදින මන්තී‍්‍රවරයෙකුගේ ධූරය අහෝසි වන බවට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් නිෂ්චිත පැහැදිලි කිරීමක් සිදු කර නොමැති බවයි.

කෙසේවෙතත් ජනාධිපති නීතිඥ යූ ආර් ද සිල්වා පවසන්නේ සිරදඩුවමකට ලක්ව බන්ධනාගාරගතව සිටින රන්ජන් රාමනායක මන්තී‍්‍රවරයාගේ පාර්ලිමේන්තු මන්තී‍්‍රධූරය ව්‍යවස්ථාකූලව අහිමිවන බවයි.

කෙසේවෙතත් සිරදඩුවම් විදින පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකුට යලි පාර්ලිමේන්තු පැමිණීමට ඇති අවස්ථා පිළිබඳව ද ජනාධිපති නීතිඥ යු ආර් ද සිල්වා මෙලෙස පැහැදිළි කළා.

සිරදඩුවමට ලක්ව සිටි පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස් බී දිසානායකට පාර්ලිමේන්තු වරම් හිමි වුයේද ජනාධිපති පොදු සමාව හිමි වීමෙන් පසුව බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

අධිකරණයට සහ නීතිඥවරුන්ට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කරමින් රන්ජන් රාමනායක මන්තී‍්‍රවරයාට බරපතල වැඩ සහිත වසර 4 ක සිරදඩුවමක් ඉකුත් 12 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

(Neth)