Wednesday, May 01, 2024
Follow Us
අනුරාධපුරයේ “ඥාණ අක්කා” හමුවෙන්න මමත් ගියා

තමන් නියෝජනය කළ බදුල්ල දිස්ත්‍රික්කයේ ජනතාව විවිධ ආගම්, විවිධ දෙවිවරුන් අදහන අතර තමන් ද ඔවුන් සමග විවිධ ස්ථානවලට ගොස් ඇති බව සඳහන් කළ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ඒ අනුව තම ආන්දෝලනාත්මක පාර්ලිමේන්තු කතාවේදී තමන් පැවසූ මෙකී අනුරාධපුරයේ ස්ථානයට තමන් ද ගිය බවත් ඒ කිසිදු විශ්වාසයක් අසත්‍යයැයි තමන් නොපවසන අතර ඒ කිසිදු විශ්වාසයකට තමන් අගෞරව නොකරන බවත් සඳහන් කළේය.

“කවදාවත් මම පැත්ත ගියත් බොරු කියන්නෙ නෑ. මං ගිහිල්ලා තියෙනවා. එතනදි මගේ කිසිම අවිශ්වාසෙකුත් නෑ, එතුමියට මං කිසිම ආකාරයකින් අපහාස කරන්න උත්සාහ කරන්නෙත් නෑ, මං එහෙම කරලාත් නෑ” යනුවෙන් ඔහු ප්‍රකාශ කර සිටියේය.

(Lanka Leads)