Wednesday, February 18, 2026
Follow Us
චම්පිකගේ 43 වන සේනාංකය ඉරිදා සිට සටන අරඹයි

පාඨලී චම්පික මහතාගේ ප්‍රධානත්වයෙන් බිහි වන ’43 වන සේනාංකය’ ඉරිදා (17) දින ජනගත කිරීමට නියමිතය.

කොළඹ ගාලු මුවදොර හෝටලයේදී මෙම සමාරම්භක උත්සවය පැවැත්වීමට සැලසුම් කර ඇත.

එදින පෙරවරු 9.30ට සූම් තාක්ෂණය ඔස්සේ මෙහි මංගල ප්‍රකාශය එළිදැක්වීමට නියමිත අතර සියලු දෙනාට සජීවීව ඊට සම්බන්ධ වී ලියාපදිංචි වීමටද හැකියාව ඇත.

(Lanka Leads)