තමන්ට හිතවත් කල්ලියක් සමගින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රට පාලනය කරමින් සිටින බවත් මේ හේතුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට කිසිදු බලයක් නැති තත්වයක් උදා වී ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කර සිටී.
වත්මන් ආණ්ඩුව අද සිදු කරමින් සිටින්නේ වචන හරඹයක් පමණක් බවත් මේ ආණ්ඩුව ද අනුගමනය කරමින් සිටින්නේ පැවති යහපාලන රජයේ ආර්ථික ප්‍රතිපත්තියම බව ද සඳහන් කළ ඔහු අද ආණ්ඩුව ද සිදු කරමින් සිටින්නේ ජාතික සම්පත් විකිණීම පමණක් යැයිද තවදුරටත් ප්‍රකාශ කර සිටියේය.
(Lanka Leads)