Thursday, March 28, 2024
Follow Us
අපේ රටේ තියෙන්නේ ආණ්ඩු නෙවෙයි බ්‍රෝකර් සමාගම් – අනුර කුමාර දිසානායක

“අද අපි මෙතට රැස්වෙලා ඉන්නේ උපනූපන් පරම්පරාවලට අයිති මේ රටේ සම්පත් ආරක්ෂා කිරීමේ අරගලයට කියලා රාජපක්ෂ ආණ්ඩුව තේරුම් ගන්න ඕනා” යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක අද (12) මේ වනවිටත් ගාලුමුවදොර පිටියේ පැවැත්වෙන විරෝධතා ව්‍යාපාරයේදී පැවසීය.

මෙම විරෝධතා ව්‍යාපාරය කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකිනීමට ආණ්ඩුව ගෙනයන ක්‍රියාමාර්ගය ඇතුළු රටේ ජාතික සම්පත් විකිණීමට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කර තිබිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර දිසානායක මහතා…

“අපේ රටේ ජනතාව 1978 ඉඳලා ආණ්ඩු පිහිටෙව්වා. හැබැයි ඒවා ආණ්ඩු නෙවෙයි බ්‍රෝකර් සමාගම්. ජේ.ආර් ජයවර්ධන පේෂකර්මාන්ත ටික වික්කා. ප්‍රේමදාස අපේ රටේ වතු ඉඩම් වික්කා. ඊට පස්සෙ චන්ද්‍රිකා වානේ සංස්ථාව, එයාර් ලංකා ආයතනය, කිරිපිටි කම්හල ඇතුළු වටිනා සම්පත් වික්කා. ඊට පස්සේ ආවා වික්‍රමසිංහ බ්‍රෝකර් සමාගම. හම්බන්තොට වරාය වික්කා. කොළඹ නගරයේ වැදගත් ඉඩම්, කල්පිටිය දූපත් විකුණන්න සැලසුම් කරලා තිබුනා.

ඊලඟට ආවා රාජපක්ෂ බ්‍රෝකර් සමාගම. පෝට්සිටියේ අක්කර 99ක් ගොඩ කරනවා. අවුරුදු 99ක් යනතුරු ශ්‍රී ලාංකිකයන්ට ඒක අයිති නැහැ. රාජපක්ෂ බ්‍රෝකර්වරු ඒක චීනට වික්කා. ආරක්ෂක හමුදා මූලාස්ථානය, හමුදා රෝහල ශ්‍රැංග්‍රිලා හෝටලයට වික්කා. කොළඹ වරායේ ගැඹුරු පර්‍යන්තයක් චීන CඓCඨ් සමාගමට වික්කා.”

එම විරෝධතාවයේදී අදහස් දැක්වූ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ලාල්කාන්ත,

අපේ රටේ තියෙන්නේ ආණ්ඩු නෙවෙයි බ්‍රෝකර් සමාගම්
“අපේ රටේ පොදු ජන අරගලයේ තවත් එක් ඉදිරි පියවරක් අද ගෝල්ෆේස් පිටියෙන් ඇරඹුනා. අපේ රටේ වැඩකරන ජනතාවගේ සමගියේ ආරම්භය වරාය වෘත්තීය සමිති සහෝදර සහෝදරියන්ගෙන් මුල්ගල තියල තියෙනවා.

වරාය වෘත්තීය සමිති 23ම එක්සත්ව එක්සිත්ව ගොඩනැගිලා ශක්තිමත්ව නැගෙනහිර වරාය රැකගැනීමේ අරගලයේ න්‍යශ්ටිය බවට පත්වෙලා තියෙනවා. මෑත කාලයේ කිසිම අරගලයකදී අපි මේ බව දැක්කේ නැහැ. ජනතා විමුක්ති පෙරමුණ විදිහට විකිණීමට එරෙහිව දීර්ඝ අරගල කළ ඉතිහාසයක් තියෙනවා. චන්ද්‍රිකාගේ කාලේ රනිල් වික්‍රමසිංහ ගෙනාපු රිගේනීන් ශ්‍රී ලංකා පරාද කිරීමේ දැවැන්ත අරගලයේ මැදිහත්වීමක් අපි කරල තියෙනවා. ඒ අරගලවල පන්නරයෙන් කොළඹ වරාය නැගෙනහිර ජැටිය 1%වත් විදේශ රටකට දෙන්න ඉඩ තියන්නේ නැහැ කියන සහතිකය දෙන්න පුළුවන් ශක්තිමත් බලයක් වරාය තුළින් බිහිවී තිබෙනවා.”

(ලංකා ටෘත් පුවත් ඇසුරිනි)