Friday, March 29, 2024
Follow Us
ජනාධිපතිවරයා තත්වය තේරුම් ගෙන කටයුතු කළයුතුයි

රටේ රාජ්‍ය නායකයා සිදු කරන කතාබහ, ප්‍රකාශ කෙරෙහි රටේ ජනතාවගේ අවධානය යොමුවීම සාමාන්‍ය දෙයක් හා නොවැළැක්විය හැකි තත්වයක් බවත්, ජනාධිපතිවරයා එම තත්වය තේරුම් ගෙන කටයුතු කළයුතු බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති, හිටපු කතානායක කරු ජයසූරිය මහතා පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගියදා අම්පාරේදී සිදුකළ ප්‍රකාශය තර්ජනයක් ලෙස ඇතැම් පුද්ගලයන් සලකන බව පෙන්වා දෙන කරු ජයසූරිය මහතා ප්‍රජාතන්ත්‍රවාදය රජයන සමාජයක ප්‍රචණ්ඩත්වය හා ජීවිත තර්ජන කිසිසේත් අනුමත නොකරන බවත් හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාට හෝ ඕනෑම මහජන නියෝජිතයකුට මරණ තර්ජන කරමින් බිය ගැන්වීම ශීලාචාර සමාජය විසින් ප්‍රතික්ෂේප කරනු ඇති බවත් කරු ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.

(Lanka Leads)