Friday, April 19, 2024
Follow Us
ඇමති වාසුගේ ආශ්‍රිත මන්ත්‍රීවරු 10 ක් හඳුනාගෙන

කොවිඩ් 19 වෛරසය ආසාදනය වී සිටින අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පසුගිය දිනවල පැවති පාර්ලිමේන්තු රැස්වීම් වාර 04 සඳහාම සහභාගි වී තිබෙනවා. ඒ අනුව ඔහුගේ සමීපතම ආශ්‍රිතයන් ලෙස කටයුතු කළ මන්ත්‍රීවරුන් පිළිබඳව මේ වනවිට හඳුනාගෙන ඇති බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසනවා.

වාසුදේව නානායක්කාර ඇමතිවරයා සමග සමීපව කටයුතු කළ මන්ත්‍රීවරුන් 10 දෙනෙකු පිළිබඳව තොරතුරු ලබාගෙන ඇති අතර අදාල මන්ත්‍රීවරුන් මෙන්ම සෞඛ්‍ය බළධාරීන්ද මේ වනවිට දැනුවත් කර ඇති බවයි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසන්නේ.

ලබන 13 සහ 15 යන දිනවලදී පාර්ලිමේන්තු සේවකයන් පීසීආර් පරීක්ෂණ සඳහා යොමු කිරීමට තීරණය කර තිබෙනවා. මෙම දින දෙක තුළදී මන්ත්‍රීවරුන්ටද පරීක්ෂණ සඳහා පෙනී සිටිය හැකි බවයි ප්‍රනාන්දු මහතා පවසන්නේ.

(LNW)