Thursday, August 21, 2025
Follow Us
පාඨලී, ෆොන්සේකා, වෙල්ගම ඇතුළු පිරිසකට සජබයෙන් තනතුරු දෙන්න යයි

පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන පාඨලී චම්පික රණවක, සරත් ෆොන්සේකා සහ කුමාර වෙල්ගම ඇතුලූ පිරිසකට සමගි ජනබලවේගයේ තනතුරු ලබාදෙන බව එහි පාර්ලිමේන්තු මන්තී‍්‍ර තිස්ස අත්තනායක පවසනවා. නෙත් නිවුස් කළ විමසීමකදී මන්තී‍්‍රවරයා සදහන් කළේ ඉදිරි ජනාධිපතිවරණය ජයග‍්‍රහණය කිරීම ඉලක්ක කර ගනිමින් මෙම තනතුරු ලබා දීම් සිදු කරන බවයි.

එහිදී තරුණ කණ්ඩායමකටද අවස්ථාව ලබා දෙන බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර තිස්ස අත්තනායක වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ.

සමගි ජනබලවේගයේ ව්‍යවස්ථාව සැකසීමේ කටයුතු ද මේවනවිටත් ආරම්භ කර තිබෙනවා.

(Neth)