වත්මන් ආණ්ඩුව කිසිම ආකාරයකින් ගණුදෙනු කළ හැකි ආණ්ඩුවක් නොවන අතර සමාජයට කරන නරක වැඩ ගැන සිතා ගත නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා පැවසුවේය.
මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (08) පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව පැමිණීමටත් පෙර විමල් වීරවංශ අමාත්‍යවරයා විසින් මහජනතාව නොමග යවමින් සතොස වාහන පාස්කු ප්‍රහාරයට භාවිතා කළ බවට කළ සාවද්‍ය ප්‍රකාශය සම්බන්ධයෙන් ජනාධිපති කොමිසන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණි අවස්ථාවේදීය.
නොකළ දෙයකට චෝදනා එල්ලකරමින් බන්ධනාගාර ගත සිටියදී නිදාගැනීමට පැදුරක් හෝ ලබා නොදුන් අතර තමන් පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථාවේ බිරිද විසින් ගෙන එන ලද බිස්කට් පැකට්ටුව හෝ ගෙනත් නොදුන් බව මන්ත්‍රීවරයා කියා සිටියේය.
ආණ්ඩුව සැලකුම් කළේ එපරිද්දෙන් බවයි ඔහු පැවසුවේ.
මේ අතර කොවිඩ් 19 ආසාදනය වීම නිසා මිය යන පුද්ගලයින් ආදාහනය කිරීම මෙන්ම භූමදානය කිරීමටද විශේෂඥ කමිටුව නිර්දේශ කර තිබුණත් එය ක්‍රියාත්මක නොකිරීම වරදක් බවද හෙතෙම සඳහන් කරන ලදී.
අද පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් අවධානය යොමුකිරීමට බලාපොරොත්තු වන බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
(LNW)