Saturday, January 03, 2026
Follow Us
ජිනීවා මානව හිමිකම් සැසිවාරයට TNA අලුත් යෝජනා?

ජිනීවා මානව හිමිකම් සැසියට ඉදිරිපත් කෙරෙන යෝජනා සම්බන්ධයෙන් කමිටුවක් පත් කල බවට, පසුගිය දෙසැම්බර් මස 30 වනදා දෙමළ ජාතික සන්ධානයේ පාර්ළිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා මාධ්‍යට පවසා තිබූ අතර එම කමිටු සාමාජිකයින්; දෙමළ ජාතික සන්ධානය, දෙමළ ජාතික ජනතා පෙරමුණ, දෙමළ ජනතා පක්ෂය ඇතුලු පක්ෂ කිහිපයක නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් වව්නියාව කුරුමන්කාඩු ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික හෝටලයකදී රැස්වී තිබේ.

“ජිනීවා මානව හිමිකම් සැසිවාරය වෙනුවෙන් පසුගිය සැසිවාරයේදී උතුරු නැගෙනහිර ජනතාවගේ ගැටලු වෙනුවෙන් ඉදිරිපත් කල යෝජනා සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කලා. ඒ වගේම එම යෝජනා වලට අමතරව වෙනත් යෝජනා ඉදිරිපත් කිරීම සඳහා පත් කල කමිටු සාමාජිකයින් මෙලෙස රැස්වුනා. ඉදිරියේදී පක්ෂ නායකයින් ඇතුලු කමිටු සාමාජිකයින් රැස්වී අවසන් තීරණයක් ගැනීමට නියමිතයි” යනුවෙන් අදාල සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා ප්‍රකාශ කර සිටියේය.

(Lanka Leads)