Thursday, August 21, 2025
Follow Us
නිරෝධායනය වෙනුවෙන් ලබාගත් අධික අයකිරීම් ගැන ද විමර්ශන කල යුතුයි

ආණ්ඩු පක්ෂ කන්ඩායම් රැස්විම ඊයේ (04) දින සවස අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ අතර එහිදී විදේශීය ශ්‍රමිකයන් මෙරටට ගෙන්වාගැනීම ගැන සාකච්ඡා කර තිබේ.

විදේශීය ශ්‍රමිකයන් අනිවාර්යයෙන්ම ගෙන්වා ගතයුතු බවත් ඔවුන් නිරෝධායනය සඳහා හෝටල් වලින් සහන මිළක් ලබාදිය යුතු බවත් එසේ නොමැතිනම් නිවෙස් වල නිරෝධායනය සඳහා ඉඩ දිය යුතු බවත් අමාත්‍ය අරැන්දික ප්‍රනාන්දු ප්‍රකාශ කර අත.

මෙහිදි නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා සභාවට යෝජනා කර තිබෙන්නේ මේවන විට මුදල් ගෙවා හොටල් වල කරන නිරෝධායනය නවත්වා රජය විසින් නොමිළයේ සියලු ශ්‍රමිකයින් නිරෝධායනය කල යුතු බවයි. එමෙන්ම පහුගිය සමයේ යම් යම් හෝටල් මගින් නිරෝධායනය වෙනුවෙන් ලබාගත් අයකිරීම් ගැනද විමර්ශන කල යුතු බව අවධාරණය කර තිබේ.

(Lanka LEads)