Thursday, August 21, 2025
Follow Us
සමගි ජන බලවේගය තුලින් චම්පික රණවකට එරෙහි දැඩි විරෝධයක්

චම්පික රණවක විසින් ගොඩනගමින් සිටින වෙනම සංවිධානයක් සම්බන්ධයෙන් සමගි ජන බලවේග මන්ත්‍රී කණ්ඩායම් හමුවේ දී එල්ල වූ දැඩි විරෝධය හේතුවෙන් ඔහු එම මන්ත්‍රී කණ්ඩායමෙන් නැගිට ගොස් ඇතැයි වාර්තා වෙයි.

චම්පික රණවක මහතාගේ මැදිහත්වීමෙන් හදන නව සංවිධානයේ පිරිස් වලට සමගි ජන බලවේගයට එක්වීමට නොහැක්කේ මන්ද? යන්න සරත් ෆොන්සේකා, රංජිත් මද්දුමබණ්ඩාර, හර්ෂ ද සිල්වා ආදීන් චම්පික රණවකගෙන් දැඩිව විමසා ඇති බව වාර්තා වෙයි..

මැතිවරණ අවස්ථාවේ දී එම සංවිධානයේ පිරිස් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය පිළි නොගෙන වෙනත් අයෙකු නායකයා යැයි කිව්වොත් කුමක් වේ දැ යි සරත් ෆොන්සේකා මහතා විමසා ඇත.

මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කර තිබෙන්නේ වෙනම සංවිධාන හදන්න කිසිවකු අවශ්‍ය නොවන බවත් සියලු දෙනාටම එකතුවිය හැකි වේදිකා කිහිපයක්ම සමගි ජනබලවේගය නිර්මාණය කර ඇති බවත්ය.

එල්ලවූ දැඩි ප‍්‍රහාර මධ්‍යයේ චම්පික රණවක එම මන්ත‍්‍රී කණ්ඩායම් හමුවෙන් නැගිට පිටත්ව ගොස් ඇත.

(Lanka Leads)