Wednesday, May 01, 2024
Follow Us
පාර්ලිමේන්තු ඉතිහාසයේ වැඩිම පනත් ප්‍රමාණයක් සංශෝධනයට ඉදිරිපත් කරන්නේ හෙට(05). පනත් ගණන 8යි.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ මෙතෙක් දිනක් තුළ සංශෝධනයට ඉදිරිපත් කරණු ලබන වැඩිම පණත් ගණන හෙට දිනයේ ඉදිරිපත් කිරීමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි. එහිදී අප වෙත වැඩිදුරටත් වාර්තා වන්නේ සමාජයේ පැවැත්මට අතිශය තීරණාත්මක පනත් වන සාක්ෂි ආඥා පනත, ඇප පනත, දණ්ඩ නීති සංග්‍රහය,කාර්යාල සහ සාප්පු පනත,කර්මාන්ත ශාලා පනත,ළමුන් සේවයේ යෙදවීමේ පනත,අවම වැටුප් පනත ආදී වශයෙන් පනත් වූ 8 ක් මෙසේ සංශෝධනයට මෙසේ සංශෝධනය කිරීමට පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුලත් කර ඇති බවයි.

මේ සම්බන්ධයෙන් වෘත්තීය සංගම් නියෝජිතයන් අප වෙත අදහස් දක්වමින් පවසා සිටියේ කම්කරු පන්තියට ඉතා තීරණාත්මක පනත් මෙලෙස කඩිමුඩියේ ඉදිරිපත් කිරීම පිටුපස දැඩි ආර්ථික අර්බූදයකට මුහුණ දෙමින් සිටින ආණ්ඩුව අප රට සතු සම්පත් පිටරට වලට විකුණා දැමීමේ කුමන්ත්‍රණයේ එක් පියවරක් දැයි සැක සිතෙන බවයි.

කෙසේ වුවද මෙම පනත් තුල කම්කරු පන්තියට අහිතකරව බලපාන්නාවූ සංශෝධන ඉදිරිපත් වුවහොත් ඒවා හකුළා ගැනීමට බලපෑම් කිරීමට මෙරට වෘත්තීය සමිති ව්‍යාපාරය ශක්තිමත් බව කම්කරු සංගම් නියෝජිතයෝ අවධාරණය කළහ.

(Lanka Leads)