Wednesday, May 01, 2024
Follow Us
වැඩිකල් නොගොස් පාරට බහින්නේ “විපක්ෂය” නොවේ “අහිංසක ජනතාව”යි – පාලිත තෙවරප්පෙරුම

හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා රටේ වත්මන් තත්වය පිළිබඳව පුරෝකථනය කරමින් පවසා සිටින්නේ එළැඹුණු 2021 නව වසර මිනිසුන්ගේ ජීවිත ගැන විශ්වාසයක් නැති අවුරුද්දක් බවයි.

මෙහිදී තවදුරටත් අදහස් පල කළ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා මෙසේද ප්‍රකාශ කර සිටියේය.

ලංකාවේ බලන බලන තැන ප‍්‍රශ්න පිරුණු අවුරුද්දක් මේ උදා වුණේ. ඒකට ගැලපෙන විසඳුමක් පවතින රජයට නැහැ. යහපාලන ආණ්ඩුව තිබ්බ වෙලාවේ පාරට බැස්සේ මහින්ද රාජපක්‍ෂ විරුද්ධ පක්‍ෂය. නමුත් දැන් මේ පීඩනය දරාගන්න බැරුව පාරට බහින්නේ අහිංසක ජනතාව.

‘‘පවතින රජය ගැන ජනතාව තුළ කිසිදු විශ්වාසයක් නැහැ. රජයට කොරෝනා තවමත් පාලනය කරගන්න බැරිවෙලා තියෙනවා. දවසට ලෙඞ්ඩු 500, 600 වාර්තා වෙනවා. දවසකට මරණ පහ වාර්තා වෙනවා. ඉතිං මේ උදාවුණු 2021 නව වසර හරිම අවිනිශ්චිත අවුරුද්දක්. කිසි කෙනෙකුට තමන්ගේ ජීවිත ගැන විශ්වාසයක් නැහැ. දේශීය ව්‍යාපාර කඩාවැටුණු, රැකියාවල් නැති නිදහසේ ජීවත්වෙන්න පරිසරයක් නැති අවුරුද්දක් මේ උදා වෙලා තියෙන්නේ.

‘‘දැන් මේ කොරෝනා නිසා මිනිස්සු ගෙවල් ඇතුළෙම මැරෙනවා. එක්සත් ජාතික පක්‍ෂයෙන් අපේ දරුවන්ට ඉගෙන ගන්න ටැබ් දෙන්න ලෑස්ති කළා. ඒවා කිව්වේ දුර දකින නුවණකින්. අද ඉන්න දරුවන්ට ටැබ් තියා ස්මාට් ෆෝන් එකක්වත් නැහැ. සමහර දරුවෝ සිග්නල් හොයාගෙන කඳු මුදුන්වල නගිනවා. පුදුම දුකක් විඳින්නේ.

(Lanka Leads)