Wednesday, May 01, 2024
Follow Us
පළාත් සභා තිබ්බොත් ආණ්ඩුව පරාදයි, පුංචි ඡන්දෙ කලින් තියන්න හදන්නෙ - කිරිඇල්ල

පළාත් සභා මැතිවරණය තවදුරටත් කල් දැමීමට ආණ්ඩුවේ බලාපොරොත්තුව බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා. පළාත් සභා මැතිවරණය පැවැත්වුවහොත් නියත වශයෙන්ම ආණ්ඩුව පරාද වන බව සමීක්ෂණ දෙකකින්ම තහවුරු වී ඇති බැවින් ආණ්ඩුව හැකිතරම් මැතිවරණය කල් දැමීමට සූධානම් වන බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

ඒ අනුව පළාත් සභා මැතිවරණය කල්දමා පළාත් පාලන මැතිවරණය පැවැත්වීම ආණ්ඩුවේ සැළසුම වී ඇති බවත්, ඇතැම් විට පළාත් පාලන ආයතන සතු බලතල වැඩි කිරීමටද ඉඩ තිබෙන බවත් කිරිඇල්ල මන්ත්‍රීවරයා (02) මහනුවරදී පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

ජනතාවට ජීවන බර දරා ගැනීමට නොහැකි වී ඇති බවත්, අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පාලනය කිරීමට ආණ්ඩුව අසමත් වී ඇති බවත් පෙන්වා දෙන කිරිඇල්ල මහතා පවසන්නේ ගැසට් නිකුත් කළ පමණින් බඩුමිල අඩු කිරීමට හෝ ජීවන වියදම පාලනය කිරීමට හෝ නොහැකි බවයි.

මෙවැනි තත්වයක් තුළ කුමන මැතිවරණයක් පැවැත්වුවද ආණ්ඩුව පරාජයට පත්වීම ස්ථිර බවද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා.

(LNW)