Wednesday, August 20, 2025
Follow Us
සම්බන්ධන් කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරයි

දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්බන්ධන් මහතා හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.
1933 පෙබරවාරි 5 වන දා ත්‍රිකුනාමල්යේ දී උපත ලද සම්බන්ධන් මහතා මේ වන විට 87 වන වියේ පසුවෙයි.

වෘත්තියෙන් නීතිඥයෙකු වූ ඒ මහතා දෙමළ බෙදුම්වාදය දැඩිව ග්‍රහනය කරගත්තෙකු වන අතර 2001 වර්ෂයේ සිට දෙමළ ජාතික සන්ධානයේ නායකයා ලෙස කටයුතු කරයි. එසේම ඒ මහතා 2001 වර්ෂයේ සිටම දෙමළ ජාතික සංධානය නියෝජනය කරමින් පාර්ලිමේන්තුව මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරයි. පසුගිය යහපාලන ආණ්ඩුවේ විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කරණු ලැබුවේද සම්බන්ධන් මහතායි.

(Lanka Leads)