Wednesday, May 01, 2024
Follow Us
නව වසරේදීත් එජාපයේ වෙනස මහ ලේකම් පමණයි

නව වසරේ පක්ෂ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළේ දී මහ ලේකම් ධුරය පමණක් වෙනස් කිරීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇත.

ජනවාරි මස අවසානයේ පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු සඳහා කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම පැවැත්වෙන අතර එහි දී එම යෝජනාව ඉදිරිපත් කිරීමට සැලසුම්කර ඇත.

ඒ අනුව පක්ෂයේ මහ ලේකම් ධුරයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර පත් කිරීමට තීරණය කර තිබේ. දැනට පක්ෂ මහ ලේකම් ධුරයේ වැඩ බලන්නේ ශමල් සෙනරත්ය.

පක්ෂ නායකත්වයේ ලබන 2023 දක්වා රැඳී සිටීමට රනිල් වික්‍රමසිංහට අවසරය ලැබී ඇත. උප නායක, ජාතික සංවිධායක, නියෝජ්‍ය නායක, භාණ්ඩාගාරික යන තනතුරුවල දැනට සිටින නිලධාරින්ම තවදුරටත් නම් කිරීමටද නියමිතය.

පක්ෂයේ මාධ්‍ය අංශය ප්‍රතිසංවිධානය කරමින් ශක්තිමත් කරන ලෙස පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් නායකත්වයට දැනුම් දී ඇත.

 

(Aruna)