Wednesday, May 01, 2024
Follow Us
මේ ආණ්ඩුවේ පීඩනය දරා ගන්න බැරිව ජනතාව ළඟදීම පාරට බහිනවා

හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා එළැඹුණු 2021 නව වසර මිනිසුන්ගේ ජීවිත ගැන විශ්වාසයක් නැති අවුරුද්දක් බව මාධ්‍යට ප්‍රකාශ කර සිටී.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා පවසන්නේ,පවතින රජය කෙරෙහි ජනතාව තුළ කිසිදු විශ්වාසයක් නැති බවත් රජයට කොරෝනා තවමත් පාලනය කරගන්න නොහැකිවී ඇති බවත්ය. තෙවරපෙරුම මහ්තාට අනුව දවසකට ආසාදිතයන් 500, 600 වාර්තා වන අතර දවසකට මරණ පහක් පමණ වාර්තා වේ. ඒ අනුව ඔහු පෙන්වා දෙන්නේ මේ උදාවුණු 2021 නව වසර ඉතාම අවිනිශ්චිත අවුරුද්දක් බවයි.

මේ සම්බන්ධව මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා පවසා සිටියේ ප්‍රශ්නයට ගැලපෙන විසඳුමක් පවතින රජයට නැති බවත් යහපාලන ආණ්ඩුව පැවතුණු කාලයේ පාරට බැස්සේ මහින්ද රාජපක්‍ෂ විරුද්ධ පක්‍ෂය බවත් දැ දැන් මේ පීඩනය දරාගන්න බැරුව පාරට බහින්නේ අහිංසක ජනතාව බවත්ය.

(Lanka Leads)