Thursday, April 23, 2026
Follow Us
දිනේෂ් විමල් උදය පක්ෂ නායක රැස්වීමේදී පළාත් සභා වලට එරෙහි වෙති!

ජනාධිපති ලේකම් කාර්යාලයේ අතිගරු ජනාධිපති තුමාගේ නායකත්වයෙන් පැවති පක්ෂ නායක සමුළු රැස්වීමේදී දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරු පළාත් සභා නොපැවැත්විය යුතුව ඇති බවට දැඩි ලෙස පෙනී සිටි බව වාර්තා වේ.

ඒ අනුව පක්ෂ නායක රැස්වීමේදී තීරණය කරණු ලැබුවේ කොවිඩ්19 වෛරස තත්වය පහව යන තෙක් පළාත් සභා පැවැත්වීම අත් හිටවීමට තීරණය වූ බව වාර්තා විය.

කෙසේ වුවද මහා සංඝරත්නය ඇතුළු බොහෝ පිරිස් පෙන්වා දෙන්නේ පළාත් සභා මේ වන විට ස්වභාවික මරණයකට මුහුණ දී සිටින බවයි.

(Lanka Leads)